නීතියේ රැකවරණය නොලැබීම ඇතුලූ කරුණු තුනක් මූලික කරගනිමින් වාරියපොල
සිදුවීමට අදාළ තිළිණි අමල්කා මෙනවිය මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට තීරණ
කර ඇත.
ඒ සඳහා ඇය සමග “Right Now” සංවිධානය පෙනී සිටින බවයි ඇගේ නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා “Asian mirror.lk”වෙබ් අඩවියට සඳහන් කළා.
මෙම
ගොනු කිරිමට අනුව නීතිමය රැකවරණය නොලැබීම,පොලිස් අත්අඩංගුවට පත් වීම සහ
කාන්තාවක් ලෙස අපහරණයට ලක්වීම යන කරුණුවලට අනුව මෙම නඩුව ගොනුකරන බවයිනීතීඥ
ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කළේ.
ඉදිරියේ දි මෙම
නඩුව ගොනු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.මේ අතර නීතීඥවරයා
වැඩිදුරටත් සඳහන් කළේ සිදුවීමට අදාළ තරුණයා දිගින් දිගටම ඇයට අපහාස කිරීම
දැඩි නීතිමය වරදක් බවද පැහැදිලිව සඳහන් වන බවයි.
0 comments:
Post a Comment