11:09 PM
Unknown
No comments
ආසනගත ප්‍රමාණයට වඩා මගීන් නංවාගෙන ධාවනයේ යෙදුන අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී සේවා බස් රථ 218කට එරෙහිව පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත.
2014.01.01 සිට 2014.08.20 දින දක්වා කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ ඒකකය විසින් සිදු කළ වැටලීම්වලදී අසීමිත ලෙස මගීන් පටවාගෙන යන ලද මෙම බස් රථ හසු කරගනු ලැබ ඇත.
මෙලෙස අසීමිත ලෙස මගී නංවාගෙන යාමේ වරද සිදු කළ ඇතැම් බස් රථ එක්වරකට වඩා එම වරද සිදු කළ අවස්ථා ද ඇති අතර එවැනි බස් රථ 72ක් මේ අතර වේ.
මගී ප්‍රවාහනය කරන අතරතුර වැරදි කරන බස් රථ වැටලීම් කඩිනම් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා විසින් ජංගම පරීක්ෂණ අංශය වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව මේ වන විට ජංගම පරීක්ෂණ අංශය විසින් දීප ව්‍යාප්තව අඛණ්ඩව වැටලීම් සිදු කරනු ලබයි.
අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ ආසන ප්‍රමාණයට වඩා මගීන් නංවාගෙන ධාවනයේ යෙදීම ධාවන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් වේ. එබැවින් මෙම බස් රථ අයත් බස් හිමියන්ගෙන් අදාළ වරදට සමගාමීව දඬුවම් වශයෙන් පරිපාලන ගාස්තු අයකර ඇත. එසේම එකම වරද අවස්ථා 3කට වඩා වැඩියෙන් සිදුකරන ලද රියැදුරු/කොන්දොස්තරවරුන් සඳහා යම් නිශ්චිත කාලසීමාවක් දක්වා සේවා අත්හිටුවීමට ද කටයුතු කර ඇත.
මේ අතර අසීමිත ලෙස මගීන් නංවාගෙන ධාවනයේ යෙදුනු සුඛෝපභෝගී බස් රථ 31ක් ද අදාල කාලසීමාව තුල සිදු කළ වැටලීම්වලදී හසු වී තිබෙන අතර ධාවන බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කිරීමේ වරදට එම බස් රථවලට එරෙහිවද කටයුතු කර තිබේ.
ආර්.ඩී.එස් ජීවනී
මාධ්‍ය ඒකකය
ජාතික ගමනාගමන කොමිෂන් සභාව
Related Posts:
මාදම්පේ තරුණයාගේ මරණය සියදිවිනසා ගැනීමක් පෙම්වතිය අන්සතුවීමෙන් කලකිරිල පසුගියදා මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක එල්ලෙමින් තිබියදී හමුවූ ඉංජිනේරු ආයතනයක සේවය කළ තරුණයෙකුගේ නරක්වූ මළ සිරුර ඔහුගේ පෙම්පළහිලව්වක අවසන් ප්‍රතිඵලයක් බව මේවනවිට අනාවරණයවී තිඛෙනවා. විසිපස් හැවිරිදි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන … Read More
වාරියපොල තරුණිය කරුණු 03 ක් හෙළි කරයි නීතියේ රැකවරණය නොලැබීම ඇතුලූ කරුණු තුනක් මූලික කරගනිමින් වාරියපොල සිදුවීමට අදාළ තිළිණි අමල්කා මෙනවිය මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට තීරණ කර ඇත. ඒ සඳහා ඇය සමග “Right Now” සංවිධානය පෙනී සිටින බවයි ඇගේ නීතීඥ ලක්ෂාන් ඩය… Read More
මන්ත්‍රී කඩුවක් වනමින් සභාවේ යකා නටයි.. ඊයේ දිනයේ පැවති ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ටෙන්ඩර් කමිටු අවස්ථාවට සන්ධාන මන්ත්‍රී ආර්. ධනරත්න මහතා කඩුවක් රැගෙන පැමිණ කලබල කර මන්ත්‍රිවරයකුට පහර දුන් බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත. ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු වන රත්නපාල… Read More
දකුණු සුපිරි මඟේ කුණු වැඩ, වැලිපැන්නේ වැසිකිළි උතුරයි:කුණු කෑමත් වළ දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහි පාලන අධිකාරීයට නියෝග කළේය. ගාල්ල කොට්ටාව මං තීරුව පැත්තේ කඩ ස… Read More
දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ.. මාදම්පේ රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment