ඊසාන දිග එංගලන්තයේ පිහිටි නොදම්බර්ලන්ඩ් රෝම බලකොටුවේ හැඩ්‍රියන්ස් වෝල් නම් ස්ථානයක තිබී වසර 2000ක් පමණ පැරණි දැවමය වැසිකිළි ආසනයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම සුරක්ෂිතව තිබූ බවයි.
එතැන කැණීම් සිදුකරද්දී රෝම හමුදාව භාවිතා කළායැයි සිතිය හැකි රන් හා රිදී කාසි කිහිපක් ද හමුවී ඇත. තවත් මෙවළම් කිහිපයක් ද හමුවී ඇත.
මේ වැසිකිළි ආසනය මඩ ගොහොරු සහිත කාණුවක තිබී හමුවූ බවත් ඒ කාණුව මුළුමනින්ම කැළි කසළ වලින් පිරී තිබුණු බවත් පුරාවිද්‍යාඥයෝ කියති. කැණීම් කණ්ඩායමේ ප්‍රධානියා අාචාර්ය ඇන්ඩෘෘ බර්ලි මෙසේ කියයි.
‘‘අප පසුගිය කාලයේ සිදුකළ කැණීම්වලින් රෝමානු වැසිකිළි සම්බන්ධව තොරතුරු රැසක් සොයාගෙන තිබෙනවා. ඒ අතර ගල් හා මාබල්වලින් සෑදූ වැසිකිළි ආසනත් තිබෙනවා. එසේ වුවත් මෙවැනි දැවමය වැසිකිළි ආසනයක් දක්නට ලැබුණු මුල්ම අවස්ථාව මෙයයි.“
ආචාර්ය බර්ලි පවසන්නේ එය ඉතා සැපපහසු වැසිකිළි ආසනයක් බවයි. එසේ ම එය විශිෂ්ඨ නිර්මාණයක් බවත් ඔහු පවසයි. වැසිකිළි ආසනය සොයාගත්ත ද මෙතෙක් වැසිකිළිය හමු නොවූ බැවින් ඒ වැසිකිළිය සොයා ගැනීමට කැණීම් සිදුකරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ රෝමානුවන්ගේ වැසිකිළි පද්ධතිවල ද විශ්මයජනක මෙවලම් තිබෙන බවයි. 



0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget