ලෝකයම එල්නිනෝවෙන් කැලඹෙද්දී අපේ කාලගුණය තවම නිදි

රෂිනි මෙන්ඩිස්

ලෝක කාලගුණ සංවිධානය විසින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට බලපෑ හැකි යැයි ප්‍රකාශ කර තිබෙන 'එල්නිනෝ' කුණාටුව සම්බන්ධව මෙරට කාලගුණික දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු අවධානයක් යොමු කර නොමැත.


මේ වසරේ දෙසැම්බර් මස ලංකාවටද බලපාන බවට අනාවැකි පළ කර ඇති මෙම එල්නිනෝ කුණාටුව හේතුවෙන් මෙරටට බරපතළ හානි සිදුවිය හැකි බව ලෝක කාලගුණ සංවිධානය ප්‍රකාශ කර තිබියදීත් කාලගුණ දෙපාර්තමේන්තුව එම හානි සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුවේ බලධාරීන් දැනුම්වත් කර නොමැත.


එල්නිනෝ කුණාටුව පිළිබඳ මෙරට සූදානම කෙසේදැයි කාලගුණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ එල්නිනෝ කුණාටුව ලංකාවට බලපානවා දැයි මෙතෙක් නොදන්නා හෙයින් ඒ සඳහා මෙතෙක් අවධානය යොමු කර හෝ අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවත්ය. එමෙන්ම මේ සඳහා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමටද කාලගුණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැත.
^මව්බිම පුවත් පත ඇසුරෙනි&      


0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget