මාස 2 1/2 ක් මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්
මීගමුව සමූහ - විමල් කීර්ති
තම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක් මත බිරිඳ සැමියාගේ අක්‌කාගේ 16 හැවිරිදි පුතා සමග පලාගොස් මහනුවර ප්‍රදේශයේ සැඟවී මාස 2 1/2 කාලයක් පවුල් ජීවිතයක් ගතකරද්දී පොලිස් අත්අඩංගුවට පත්ව පසුව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව සැප්තැම්බර් මස 9 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධියක් 27 දා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී දැකගත හැකි විය.
මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් එම කතට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව ඇය මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කතකි. ඇය රූමත් තිදරු මවකි. බාල වයසේදී පති කුලයට පිවිසි ඇය මේ වන විට වසර 5 වසර 10 සහ වසර 15 වයස්‌වල දරුවන් තිදෙනකුගේ මවකි. මෙයින් වසර 5 සහ 15 වයස්‌වල දරුවන් දෙදෙනා පිරිමින් වන අතර 10 හැවිරිදි දරුවා ගැහැනු ළමයෙකි.
මෙම කතගේ සැමියා රැකියාවක් සඳහා විදේශගත වීමට පෙර බිරිඳ සහ දරුවන්ගේ වැඩි ආරක්‍ෂාව සඳහා සැමියාගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවා තිබේ. සැමියාගේ අක්‌කාගේ නිවස ද සැමියාගේ මහ ගෙදර අසල පිහිටා තිබෙන අතර සැමියාගේ අක්‌කාට අවුරුදු 16 වියෑති තරුණ පුතෙක් සිටී. ටික කලක් යත්ම නොදැමුණු ආශාවෙන් පෙළුනු තරුණ නැන්දා ඥති පුතාව කම් සැපවලට පොළඹවා එම තරුණ පුතු තම අනියම් පුරුෂයා කරගෙන ඇත. කල්යත්ම පුංචි නැන්දාට තම ඥති පුතාවත්, ඥති පුතාට තරුණ නැන්දාවත් නොදැක සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
ඒ අනුව තම දෙදෙනාට සුවපහසුව හුදකලාවේ කම්සැප විඳීමට තීරණය කර ඔවුන් දෙදෙනා මහනුවර ප්‍රදේශයට පලාගොස් නැන්දාගේ යෙහෙළියකගේ නිවසක ලැගුම්ගෙන ඔවුන් අඹු සැමියන් වශයෙන් මාස 2 1/2 ක් කල්ගත කොට ඇත.
තම පියා විදේශගතවීමත්, තම මව වෙනත් ප්‍රදේශයකට පළායැම නිසා නිසි රැකවරණයක් නොමැති බාලවයස් දරු තිදෙනා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිට පතා පැමිණිලි කොට ඇත. පසුව පොලිස් විමර්ශන වලින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටි අලුතින් පවුල් ජීවිතය ඇරඹූ එම යුවළ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
බාලවයස් කුඩා දරු තිදෙනාට නිසි රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත 32 හැවිරිදි මව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එම ළමුන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවීමට මීගමුව පොලිසියට නියෝග කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය එම තිදරු මව සැප්තැම්බර් මස 9 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. විත්තිය වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 9 වැනි දින පැවැත් වේ.
11:23 PM
Unknown
No comments
Related Posts:
මාතර රෙදි සොරකමේ ගිය කාන්තාවෝ තිදෙනෙක් කොටුවෙති කැකනදුර - ගයාන් දර්ශන, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කුකාලයක සිට මාතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසල් තුළට ඇතුළුවී ඉතා රහසිගත ලෙස නිමි ඇඳුම් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනකු පසුගිය (24 වැනිදා) මාතර නගරයේ … Read More
ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකිණූ තරුණියෝ දෙදෙනා අත්අඩංගුවට කැකනදුර - ගයාන් දර්ශන ගන්දර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සඳහා ඉතා රහසිගත ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් හෙරොයින් මත්කුඩු සැපයීමේ ජාවාරමක නිරත වූ බව කියන රූමත් තරුණියන් දෙදෙනකු පසුගිය 24 වැනිදා සැකපිට ප්‍රශ්න ක… Read More
කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය... කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක්… Read More
තිස්හය වතාවක් නාග මාපිලුන්ගේ දෂ්ඨ කිරීමට ගොදුරු වූ දීපිකා ඇයට පිහිටවීමට ඔබට හැකිනම්... මෙසේ තිස් හය වතාවක් නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්ව තිස් අට වතාවක් සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස් එක්වතාවක් බේරාගෙන ඇත්තේ තිස්සමහරාම ලූකස්ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ ව… Read More
සැමියා රට ගොස් දුක් විඳිද්දී බිරිඳ 16 හැවිරිදි ඥති පුතා සමග පැන ගිහින් මාස 2 1/2 ක් මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්මීගමුව සමූහ - විමල් කීර්තිතම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක් මත බිරිඳ සැමියාගේ අක්… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment