9:22 PM
Unknown
No comments
ජීවන වියදම වැඩියි කියා කීවත් ජීවන වියදම තුළ ආහාර ද්‍රව්‍ය සඳහා යන වියදමට වඩා ආහාර නොවන ද්‍රව්‍ය සඳහා කරන වියදම වැඩි වී ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පෙන්වාදෙන ලදී.
ඔහු මේ අදහස් පළ කළේ රුපියල් මිලියන 40 ක විමධ්‍යගත අරමුදල් යොදවා කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ යටිතල පහසුකම් සංවර්ධනය ව්‍යාපෘති ආරම්භ කිරීමේ උලෙළ අමතමිනි. මාර්ග සංවර්ධනය ව්‍යාපෘති, ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන සහ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වැඩ ආරම්භ කිරීම සිදුවිය.
මෙම අවස්ථාවේ දී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සමාජය සංකීර්ණවිමත් සමග වියදම් වැඩි වී ඇති බවත් සමාජය ඉතා සරල නම් වියදම් අඩුවන බවත් පැවසීය. විදුලිය නොමැතිව කුප්පි ලාම්පු එළියෙන්, ජලය ලිදෙන් අරගන පයින් ගමන් ගොස් ජීවත් වූ කාලයේ වගේ නොවෙයි අද මේ නිසා වියදම් පාලනය කිරීම පුද්ගල බද්ධ කාරණයක් බවත් ඒ සඳහා ආණ්ඩුවට දොස් පැවරීම අර්ථාන්විත නොවන බවත් පැවසී ය. සෑම ගෙදරකම සාමාජිකයින් සංඛ්‍යාවට දුරකථන තිබෙන බවත් ඒ සඳහා බිල් පතක් ලැබෙන බවත්, සෑම ගෙදරකටම මෝටර් සයිකලයක් තිබෙන බවත් පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කරන පිරිස අඩු වී තිබෙන බවත් පෙන්වා දෙන ලදී. එසේම කාන්තාවන් වැඩි පුර පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කළත් දැන් ඔවුන් ද ස්කුටර් භාවිතා කිරීමට පුරුදුව සිටින බවත් අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. සමාජය වෙනස් වීමත් සමගම විය හියදම් ද වැඩි වී තිබෙන බව අමාත්‍යවරයා පවසන ලදී. ඇතැම් පිරිස් මේ වෙනස් වීම ඇතුලේ ජීවත් වෙමින් ජීවන වියදම වැඩියි කියා ආණ්ඩුවට බනින බවත් මෙහිදී පෙන්වා දෙන ලදී. කිසිම රජයකට සමාජය එදා තිබුණු තැන තැබීමට නොහැකි බවත් සමාජ පරිවර්ථනයකට කටයුතු කළ යුතු බවත් එය කරන ආකාරය පමණක් වෙනස් බව ඔහු පෙන්වා දෙන ලදී.
‘සමාජ පරිවර්ථන සම්බන්ධයෙන් චිත්තරූප මවමින් විවිධ චෝදනා රජයට එල්ල කිරීමට විපක්ෂය පුරුදු වී තිබෙනවා. ජේවිපී එකට යුඑන්පී එකට රජය මොනව කළත් වැරදියි. හොද කළත් වැරදියි. නරක කළත් වැරදියි. සමහරු අහනවා ලෝක වෙළද පළේ තෙල් මිල අඩුයි ඇයි තෙල් මිල අඩු කරන්නේ නැත්තේ කියා. මේ වාගේ විවිධ බොහෝ නොදන්න කරුනු ගැන කථා කරන්න විවිධ පිරිස් උත්සාහ ගන්නවා. ඒකට හේතුව මිනිස්සු පපුරුදු වෙලා තියෙනව කටකථා විශ්වාස කරන්න. බොහෝ විට කරුනු සොයා බලා අධ්‍යයනය කිරීමට කටයුතු කරන්නෑ. පුවත් පත් කියවන්නේ නෑ.
සංවර්ධන ව්‍යාපෘති තුළින් ගම් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරනවා. මේ තුළින් නගරයේ තිබෙන පහසුකම් ගමට ගෙන ඒමට කටයුතු කරනවා. ඒකටත් විවිධ කටකථා පතුරුවන්නට ජේවිපී එක යුඑන්පී එක කටයුතු කරනවා’
- ජානක හඳුන්පතිරාජ
Related Posts:
තිස්හය වතාවක් නාග මාපිලුන්ගේ දෂ්ඨ කිරීමට ගොදුරු වූ දීපිකා ඇයට පිහිටවීමට ඔබට හැකිනම්... මෙසේ තිස් හය වතාවක් නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්ව තිස් අට වතාවක් සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස් එක්වතාවක් බේරාගෙන ඇත්තේ තිස්සමහරාම ලූකස්ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ ව… Read More
සරණාගතයන් මරණින් බේරන අඹු සැමියෝ මෝල්ටාවේ අඹු සැමි යුවලක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරා ගැනීමට බෝට්ටුවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෙජිනා හා ක්‍රිස් ක්රැතම්බෝන් යන දෙදෙනා තම පුද්ගලික ධනය යොදවමින් ෆිනික්ස් නම් … Read More
ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකිණූ තරුණියෝ දෙදෙනා අත්අඩංගුවට කැකනදුර - ගයාන් දර්ශන ගන්දර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සඳහා ඉතා රහසිගත ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් හෙරොයින් මත්කුඩු සැපයීමේ ජාවාරමක නිරත වූ බව කියන රූමත් තරුණියන් දෙදෙනකු පසුගිය 24 වැනිදා සැකපිට ප්‍රශ්න ක… Read More
සැමියා රට ගොස් දුක් විඳිද්දී බිරිඳ 16 හැවිරිදි ඥති පුතා සමග පැන ගිහින් මාස 2 1/2 ක් මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්මීගමුව සමූහ - විමල් කීර්තිතම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක් මත බිරිඳ සැමියාගේ අක්… Read More
කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය... කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක්… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment