12:27 AM
Unknown
No comments
පසුගියදා මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක එල්ලෙමින් තිබියදී හමුවූ ඉංජිනේරු ආයතනයක සේවය කළ තරුණයෙකුගේ නරක්වූ මළ සිරුර ඔහුගේ පෙම්පළහිලව්වක අවසන් ප්‍රතිඵලයක් බව මේවනවිට අනාවරණයවී තිඛෙනවා.
විසිපස් හැවිරිදි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන නමැති මෙම තරුණයා පෙම් සබඳතාවක් පැවැත්වූ තරුණිය මොහුව හැරදමා වෙනත් තරුණයෙකු හා සබඳතාවයක් අරඹා ඇති අතර මොහුට රිදවීමට
නව පෙම්වතා සමග මොහු ඉදිරියේ දෙදෙන අත්වැල් අල්ලාගෙන සැරිසරමින් හැසිරී ඇති බවද වාර්තාවුණා.
මෙයින් මානසික පීඩාවට පත් තරුණයා ඔවුන් හමුවී මේ ආකාරයට නොකරන්නැයි ඉල්ලා ඇති නමුත් ඔවුන් මොහුව විසුළු වලට භාජනය කරමින් බැණවැදී
එළවාගෙන ඇත්තේ තවත් රිදවමිනි.
තමන් දැඩි ලෙස ආදරය කළ තරුණිය වෙනත් අයෙකු හා එක්වී තමාට විරුද්ධව මේ ආකාරයට හැසිරීමෙන් චිත්ත සන්තාපයට පත් විදුරංග ඔවුන්ට පවසා ඇත්තේ තමාට මේ ආකාරයට පීඩාවක් කරනවා නම් දිවිතොරකරගන්නා බවකි.
මේ දෙදෙනා අතර පෙම් සබඳතාවයක් පැවති බව තරුණයාගේ දෙමාපියන් දැනසිටි නමුත් සිද්ධවූ පටලැවිලි ගැන වැඩිමනක් දැන සිට නැත.
මේ අතරවාරයේ පසුගිය මාසයේ නිවසින් පිටත්වූ විදුරංග හදිසියේ අතුරුදන්ව තිබුණා. නිවැසියන් ඔහු ගැන සොයා බැලූවත් කිසිදු ආරංචියක් ලැබී තිබුනේ නැත.
පසුව නිවැසියන් පොලිසියට පැමිණිලි කළද තොරතුරක් හමුවුනේ නැත. විදුරංග නැතිවූ ආරංචිය ඔහු ළ`ගින් ඇසුරු කළ පෙම්වතියට දෙමාපියන් සැලකරේ තොරතුරක් දැනගන්නටය. නමුත් ඇයද ඔහුට වූ දෙයක් නොදන්නා බව කියා තිබුණි.
ටික දිනක් යද්දී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැලෑවේ රාජකාරියේ නිරවෙද්දී මාදම්පේ පනිරෙන්දාව ප්‍රදේශයේ වනන්තරයක තිබී විදුරංගගේ හැඳුනුම්පත සහිත බෑගය සොයාගෙන පසුව පොලිසියට දන්වා නිවැසියන් සමග කෙරුණු සෝදිසියේදී
අභිරහස් ලෙස ගසක එල්ලෙමින් තිබූ ඔහුගේ මළ සිරුර හමුවී තිබුණා.
තම නිවසින් අතුරුදහන්වූ පුත්‍රයා දින 25 කට පසු මෙලෙස හමුවේවියැයි මව්පියන්ට විශ්වාස කරන්නට බැරිව ගිය අතර මේ ආරංචිය සැලවූ පසු පොලිසිය පෙම්වතියගෙන් ප්‍රකාශයනක් ලබාගන්නට
ඇයට කැඳවීමක් කරා. එයින් පසු වාර්තාවූයේ විදුරංගගේ හිටපු පෙම්වතිය වසබීම නිසා රෝහල් ගතවූ බවකි.නමුත් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දැන් සුවය ලබා ඇති බවද සැලවෙනවා.
මාදම්පේ - පූක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන නම්වූ මෙම තරුණයා සිවිල් ඉංජිනේරු පාඨමාලාවක්ද හදාරා ඇති අයෙකි.ඔහු පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටියේය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.
- ජූඩ් සමන්ත
Related Posts:
Sri Lanka body to body Massage අලුත්ම තාලේ මසාජ් එක … Read More
කට දෙපැත්තෙන් ලේ පෙරෙන ගෑනු ළමයා ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.පපුවේ හා හිසේ කැක්කුමක් තිඛෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර… Read More
මැලේසියානු ගුවන්යානයකදී තරුණියක් දූෂණයට ලක්වෙයි (වීඩියෝ සහිතයි) ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරන්නට පැමිණි ඇගේ නම ලෝරා බෂ්නි ය ඇයගේ ගුමන් ගමනට ලැබී තිබුණේ මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්ගඑච් 20 ගුවන් යානයයි පැරීසියේ වෙසෙන තම පෙම්වතා හමුවන්නට 26 හැවිරිදි ඇය මේ අවස්ථාවේ යමි… Read More
ජිරාෆ් කෙනෙක් වෙන්න යන දරුවෙක් චීනයේ ජීවත්වන 15 හැවිරිදි පාසල් සිසුවෙක්ගේ ගෙළ අසාමාන්‍ය ලෙස පිහිටීම හේතුවෙන් මෙම දරුවා දැඩි අපහසුතාවයට පත් ව සිටී.මෙම දරුවාගේ කොඳු ඇට පෙළෙහි වැඩිපුර කොඳු ඇට ත්‍රිත්ත්වයක් පිහිටා ඇත. සාමාන්‍ය පුද්ගලයෙකුගේ කොන්දේ … Read More
දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ.. බිය වී දුවන්නේද නැත.. එකම විසඳුම ඊළමයි – ලී ක්වාන් යූ දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ඊළමක් බවත් දෙමළ ජනයා කිසි දවසක සිංහලයන්ට යටත් කරගත නොහැකි බවත් සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew) පවසයි. දමිලවන් යටත් වන්නේවත් සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැතැයි… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment