රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් නුවරවැව ජලාශයට ඉතා රහසිගත අන්දමින් අපද්‍රව්‍ය මුදා හරින කාණු පද්ධති කීපයක් අනුරාධපුර මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්ඊයේ(27දා) සවස සොයා ගනු ලැබීය.
ජලාශයෙන් ජලය පරිභෝජනයට ගන්නා ප‍්‍රදේශවාසීන් කිහිප දෙදෙනෙකු අපද්‍රව්‍ය සහිත කුණු කාණු දැක අනුරාධපුර මහ නගරසභාවේ සෞඛ්‍ය අංශයට දැනුම්දි තිබේ.
අනුරාධපුර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේඋපදෙස්මත අනුරාධපුර මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා අදාළ ස්ථානයට ගොස් ස්ථානීය පරික්ෂණයක් සිදු කළේය. අනුරාධපුර නගරයේ පිහිටි නුවරවැව ජලාශයෙන් දිනකට නගරවාසීන් 120 000කට ආසන්න ප්‍රමාණයක් ජලය පරිභෝජනයට ගනිති.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment