- 4:37 AM
- Unknown
- No comments
ඊයේ දිනයේ පැවති ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභා ටෙන්ඩර් කමිටු අවස්ථාවට සන්ධාන මන්ත‍්‍රී ආර්. ධනරත්න මහතා කඩුවක් රැගෙන පැමිණ කලබල කර මන්ත‍්‍රිවරයකුට පහර දුන් බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.
ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු වන රත්නපාල සෙනරත් මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ලක් අනුව පොලීසිය මේ සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර ඇත.
ටෙන්ඩර් කමිටුවේ රැස්වීම ආරම්භ වීමෙන් පසුව සාමාජිකයකු වන ධනරත්න මන්ත‍්‍රීවරයා ටෙන්ඩර් කමිටුවේ කෙරෙන්නේ හොර මැරකම් බවත් ගිවිසුම් අත්සන් කර වැඩ ආරම්භ කර ඇති කර්මාන්ත වලටත් ටෙන්ඩර් කැඳවා ඇති බවත් කියමින් තමාගේ අතේ තිබූ ටෙන්ඩර් පත‍්‍රිකාවක් උදුරා ගත් බවත් සිද්ධිය පිළිබඳව ප‍්‍රකාශයක් කළ රත්නපාල සෙනරත් මහතා පැවසීය. එවිට එහි කොටසක් ඔහු අත රැදී ඉතිරි කොටස තමා අත රැදුණු බව ද ඔහු කීය.
එහිදී සභාවෙන් පිට වී ගිය ධනරත්න මන්ත‍්‍රීවරයා කඩුවක් ද රැගෙන යළිත් සභාවට පැමිණ තමාට පහර දීමට උත්සාහ කරද්දී තමා එය වළක්වා ගත් නමුත් තමාගේ අත ඇඹරී ගිය බව ද ඒ සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට තමාට සිදු වූ බව ද රත්නපාල සෙනරත් මහතා කීය.
කෙසේ වෙතත් ධනරත්න මන්ත‍්‍රීවරයා මේ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙදින ටෙන්ඩර් කමිටුවේ දී වංචා සහගත වැඩක් කෙරෙන බව තමා දැන ගත් නිසා දැනට ගිවිසුම් මත වැඩ ආරම්භ කර ඇති කර්මාන්තයකට ටෙන්ඩර් කැඳවීම වැරදි බව කියද්දී එය පිළි නොගෙන ටෙන්ඩර් විවෘත කිරීමට පටන් ගත් නිසා මෙම ආරවුල ඇති වූ බවත්ය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment