3:34 AM
Unknown
No comments
තම අත්අඩංගුවේ පසුවන ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් නිදහස් කිරීම සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් මිලියන 6.6ක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මෙම කාන්තාව සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවෙතැයි සැලෙකෙන ඇමරිකානු සිරකරුවන් සිව්දෙනා අතරින් එක් අයකු බව පැවසේ.
සිව්වන ප‍්‍රාණ ඇපකරුවූ මාධ්‍යවේදී ජේම්ස් ෆෝලි පසුගියදා ඝාතනය කරනු ලැබූ අතර ස්ටීවන් සොට්ලොෆ්ද ජීවතුන් අතර සිටි බව දක්නට ලැබුණද ඔහුද මරා දමන බවට ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් තර්ජනය කර ඇත.
26 වියැති ඇමරිකානු තරුණිය සිරියාව තුළ සහන සේවා කටයුතු වල යෙදී සිටියදී පැහැරගනු ලැබිණි. ඇගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ ඇයගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙසයි.
මේ අතර ඩොලර් මිලියන 6.6ක මුදල සමග ඇමරිකානු සිරභාරයේ පසුවන මුස්ලිම් කාන්තාවක්ද නිදහස් කළ යුතු බවට ඉස්ලාමික රාජ්‍යය විසින් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ආෆියා සිද්දිකි නම් මෙම කාන්තාව ඇමරිකානු නිලධාරීන් ඝාතනයට තැත් කළ බවට චෝදනා මත ඇෆ්ගනිස්ථානයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් පුහුණුව ලද ස්නායු විiාඥවරියක වන ආෆියා නිදහස් කළ යුතු බවට මැදපෙරදිග ඇමරිකානු ක‍්‍රියාකාරකම් විවේචනය කරන විවිධ කණ්ඩායම් විසින් මින් පෙරද ඉල්ලා සිට තිබේ.
කෙසේවෙතත් ඉස්ලාමික රාජ්‍යයේ කොන්දේසිය පිළිබඳව සිද්දිකි පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ ආෆියා වෙනුවෙන් හෝ එවැනිම තරුණියක් හිංසනයට ලක්වීම අනුමත කළ නොහැකි බවයි.
Related Posts:
දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ.. බිය වී දුවන්නේද නැත.. එකම විසඳුම ඊළමයි – ලී ක්වාන් යූ දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ඊළමක් බවත් දෙමළ ජනයා කිසි දවසක සිංහලයන්ට යටත් කරගත නොහැකි බවත් සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew) පවසයි. දමිලවන් යටත් වන්නේවත් සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැතැයි… Read More
රුසියාවට පෙම් බැඳි එක්ස් ෆයිල්ස් නළුවා ආන්දෝලනයකට මැදිවෙයි විනාඩි දෙකකුත් තත්පර තිහක කාලයක් පුරා දිව යන මෙම වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ ඩක්හොව්නි තමා ඇමරිකාවේ නොව රුසියාවේ උපත ලැබුවේ නම් තම ජීවිතය කෙබඳු වනු ඇත්දැයි පවසමිනි. තමා ඇමරිකාවේ ඉපිද එහි හැදී වැඩුනද තමාගේ සමීපතම මුතුන්මිත්… Read More
කට දෙපැත්තෙන් ලේ පෙරෙන ගෑනු ළමයා ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.පපුවේ හා හිසේ කැක්කුමක් තිඛෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ වාට්ටුවක ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර… Read More
කොටියෙක් මැරූ කතක් පැයක පමණ කාලයක් තිස්සේ කොටියකු සමඟ පොරබදා ලේ ගලන තුවාල ලබමින්ම කොටියා මරා දැමූ 54 හැවිරිදි කාන්තාවක් පිළිබඳ ඉන්දියාවේ උත්තර්කන්ද් ප‍්‍රදේශයෙන් වාර්තා වේ. ඇය සිය වගාබිමට ගොස් එමින් සිටියදී කොටියා මෙලෙස ඇය වෙත කඩාවැදී ත… Read More
නුවර වැව නසන හොර වැඩේ මාට්ටු රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් නුවරවැව ජලාශයට ඉතා රහසිගත අන්දමින් අපද්‍රව්‍ය මුදා හරින කාණු පද්ධති කීපයක් අනුරාධපුර මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්ඊයේ(27දා) සවස සොයා ගනු ලැබීය. ජලාශයෙන් ජලය ප… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment