දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ඊළමක් බවත් දෙමළ ජනයා කිසි දවසක සිංහලයන්ට යටත් කරගත නොහැකි බවත් සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew) පවසයි.
දමිලවන් යටත් වන්නේවත් සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැතැයි ඔහු සඳහන් කරන්නේ  මහාචාර්ය Thomas Gordon Plate විසින්  Conversations With Lee Kuan Yew යන රචින නවතම කෘතියකට අදහස් දක්වමිනි.
ඔහු ඊට මෙසේද කියයි.

‘ශ්‍රී ලංකාවේ සිංහලයින් ජීවත් වූ කාලයේ සිටම දෙමළ ජනතාවත් ජිවත්විය. නමුත් දෙමළ ජනතාවට සහ සිංහල ජනතාවට සමගියන් ජීවත්විය හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ නොමැත. ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස තිබෙන තුරු එයට ප්‍රීතිමත් රටක් විය නොහැකිය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කල දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කර ඇත. මේ තුලින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැක ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එය සියළු දෙනා පිළිගත යුතු බවත්, විශ්වාස කල යුතු බවත් ඔහු බලාපොරොත්තුවෙයි.
ඊළාම් දෙමල ජනතාව යටත් වෙන්නේ නැත. සිංහලයින්ට බියවී දුවන්නෙත් නැත. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විනාශ කලද, සුළු ජාතික ජනතාවක් වන දෙමළ ජනතාවගේ සිත් දිනාගැනිමේ හැකියාව සහ නිර්භීතකම නියත වශයෙන්ම සිංහලයින්ට නැත. මේ සියල්ලකට වඩා යාපනයේ දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීම සිංහලයින්ට අනිවාර්යයෙන්ම කිසි කාලයක කළ නොහැකිය. ඒ හේතුවෙන්, සිංහලයින් සියළු මාර්ග තුලින් ප්‍රචණ්ඩත්වය මුදාහැර දෙමළ ජනතාව යටත් කර ගැනීමට උත්සාහ කරමින් සිටියි.

සිංහලයන් මීට පෙරත් මේ ආකාරයෙන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් විශාල සන්නද්ධ සටනක් ආරම්භ විය. වර්තමානයේදීත් එය සිදුකිරීමට උත්සාහ කරනු ඇත. සියළු දෙමළ ජනතාව විනාශ කළ හැකිය යන සිංහලයන්ගේ අදහස අනිවාර්යයෙන් සපල නොවනු ඇත.
සිදුවුවේ සහ සිදුවන්නේ ජාති ඝාතනයකි!

ශ්‍රී ලංකාවේ අද සිදුවෙමින් තිබෙන්නේ කුරිරු ජාති ඝාතනයකි. ඒ හේතුවෙන් දෙමළ ජනතාව නැවත සන්නදධ සටනක් ආරම්භකරයිද? යන්න පිළිබඳව මා හට ප්‍රකාශ කල නොහැකිය. නමුත්,අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව දීර්ඝ කාලයක් ඉවසීමකින් නොසිටිනු ඇත. සිංහලයන්ට වඩා දෙමළ ජනතාවට වැඩි ගෞරවයක් ලබාදිය යුතුය’
- සන්කදි 24/lankatnews

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget