සෞඛ්‍යාරක්ෂිත නොවීම හේතුවෙන් මොස්කව් නගරයේ පිහිටා ඇති මැක්ඩොනල්ඞ්ස් අවන්හල් 3ක් තාවකාලිකව වසා දැමීමට රුසියානු අධිකරණයක් විසින් තීන්දු කර තිබේ.
බොල්ෂායා බ්‍රොන්නායා වීදිය, ප්‍රොස්පෙක්ට් මීරා වීදිය සහ මානේෂ්නායා චතුරස‍්‍රය යන ස්ථානවල පිහිටි මැක්ඩොනල්ඞ්ස් අවන්හල් මෙසේ දින 90ක කාලයකට වසා දමන ලෙස නියෝග කර ඇත.
මින් පෙර එම අවන්හල් පරීක්ෂා කළ රොස්පොටෙ‍්‍රබ්නාඞ්සෝර් හෙවත් රුසියානු පාරිභෝගික ආරක්ෂණ ආයතනය විසින් ඒවායෙහි කටයුතු අත්හිටුවා තිබිණි.

මේ සමග රුසියාව තුළ වසා දමා ඇති මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ප‍්‍රමාණය 6ක් බවට පත්ව තිබේ.
මොස්කව් නගරයේ අවන්හල් 4ක්, ස්ටැව්රොපෝල් සහ යෙකතරිනාබර්ග් නගරවල අවන්හල් 2ක් මේ අතර වේ.
මැක්ඩොනල්ඞ්ස් සමාගම පවසා ඇත්තේ මෙම අධිකරණ තීන්දුවට තමන් එකග නොවන බවයි.
ඒ අනුව පිළිගත් ක‍්‍රමවේද යටතේ එම තීන්දු පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන බවද සමාගම් වෙබ් අඩවියේ දක්වා තිබේ.

ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මැක්සිම් ටිටරෙන්කෝ පවසා ඇත්තේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයට අනුව සෞඛ්‍යාරක්ෂිත බව උල්ලංඝනයවූ අවස්ථා මේ වන විටත් නිවැරදි කරගෙන හෝ කරමින් ඇති බවයි.
එබැවින් අධිකරණ තීන්දුව උපරිම ක‍්‍රියාමාර්ගයක් බව ඔහුගේ අදහස වී තිබේ.
ඇමරිකාවට පරිබාහිරව මැක්ඩොනල්ඞ්ස්හි ප‍්‍රධාන වෙළඳපොළ 7න් එකක් වන රුසියාව තුළ ඇති අවන්හල් සංඛ්‍යාව 438කි.

Related Posts:

  • දකුණු සුපිරි මඟේ කුණු වැඩ, වැලිපැන්නේ වැසිකිළි උතුරයි:කුණු කෑමත් වළ දමයි   දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු  සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහි පාලන අධිකාරීයට නියෝග කළේය. ගාල්ල කොට්ටාව මං තීරුව පැත්තේ කඩ ස… Read More
  • ලෝකයම එල්නිනෝවෙන් කැලඹෙද්දී අපේ කාලගුණය තවම නිදි ලෝකයම එල්නිනෝවෙන් කැලඹෙද්දී අපේ කාලගුණය තවම නිදිරෂිනි මෙන්ඩිස්ලෝක කාලගුණ සංවිධානය විසින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට බලපෑ හැකි යැයි ප්‍රකාශ කර තිබෙන 'එල්නිනෝ' කුණාටුව සම්බන්ධව මෙරට කාලගුණික දෙපාර්තමේන්තුව… Read More
  • මන්ත‍්‍රී කඩුවක් වනමින් සභාවේ යකා නටයි.. ඊයේ දිනයේ පැවති ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභා ටෙන්ඩර් කමිටු අවස්ථාවට සන්ධාන මන්ත‍්‍රී ආර්. ධනරත්න මහතා කඩුවක් රැගෙන පැමිණ කලබල කර මන්ත‍්‍රිවරයකුට පහර දුන් බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත. ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු වන රත්නපාල… Read More
  • දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ.. මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි… Read More
  • වාරියපොල තරුණිය කරුණු 03 ක් හෙළි කරයි නීතියේ රැකවරණය නොලැබීම ඇතුලූ කරුණු තුනක් මූලික කරගනිමින් වාරියපොල සිදුවීමට අදාළ තිළිණි අමල්කා මෙනවිය මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට තීරණ කර ඇත. ඒ සඳහා ඇය සමග “Right Now” සංවිධානය පෙනී සිටින බවයි ඇගේ නීතීඥ ලක්ෂාන් ඩය… Read More

0 comments:

Post a Comment

Unordered List

vvv

Sample Text

ddd

Blog Archive

Powered by Blogger.

Subscribe

Followers

Popular Posts

Recent Posts

cc

Text Widget