කැකනදුර - ගයාන් දර්ශන, මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
කාලයක සිට මාතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසල් තුළට ඇතුළුවී ඉතා රහසිගත ලෙස නිමි ඇඳුම් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනකු පසුගිය (24 වැනිදා) මාතර නගරයේ පිහිටි නිමි ඇඳුම් සලකට ඇතුළුවී සිදු කරන ලද නිමි ඇඳුම් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා මාතර මූලස්‌ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරියන් තිදෙනා නිමි ඇඟලුම් අලෙවිසලට ඇතුළුවී අවස්‌ථාවන් කිහිපයක් තුළදීම ඇඳුම් සොරාගෙන ඇති බව එම ආයතනය තුළ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමෙන් පසු එහි හිමිකරු විසින් සැකකාරියන් තිදෙනා හඳුනා ගෙන ඇත.
වරකාපිටිය ප්‍රදේශයන්හි පදිංචි මෙම සැකකාරියන් තිදෙනා මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මාතර මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක මහින්ද කල්දේරා මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්‍ෂක කේ. එම්. ජී. ගුණරත්න යන පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මෙහෙයවති.
0 comments:
Post a Comment