3:27 AM
Unknown
No comments
මිය යන විට ඔහු 44 වැනි වියේ පසුවිය.
මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන් පැවසූයේ ලියොනිඩ්ගේ මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයකි.
අඩි 8 යි අගල් 5 ක උසකින් යුතුවූ ඔහු වාර්තා පොත් වලට අනුව ලොව උසම මිනිසා වුවද තම නම වාර්තා අතරට එක්කරගන්නට ඔහු කිසිවිටෙකත් කැමැති වූයේ නැත.
ලියොනිඩ්ගේ මේ අසාමාන්‍ය උසට හේතුව ලෙස සැළකෙන්නේ ඔහු 12 වැනි වියේදී මොළයට සිදුකරන ලද සැත්කමකදී වූ වරදකි.
ගිනස් බළධාරීන් පවසන ආකාරයට ඔවුන් කිහිපවරක්ම ලියොනිඩ් හමුවී ඔහුගේ උස මැන ඔහුව වාර්තා අතරට එක්කරන්ට උත්සාහ කළත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් තමන්ට අවශ්‍ය නැතැයි කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙනිසා තමන්ට අවසානයේ ලියොනිඩ්ට වඩා අඟල් කිහිපයකින් මිටි වන චීනයේ බාඕ ෂිසුන්ග් ලොව උසම මිනිසා යැයි නම් කරන්නට සිදුවූ බව ඔවුන් කියයි.
ලියොනිඩ්ගේ අසල්වාසීන් පවසන්නේ ඔහු ඉතාම කරුණාවන්ත හා පරිත්‍යාගශීලී පුද්ගලයෙකු වූ බවයි.වෙනත් පුද්ගලයෙකු මෙසේ උස් වී නම් ඔහු ප්‍රසිද්ධිය පස්සේ දුවනු ඇති වුවද ලියොනිඩ් නම් කළේ ඔහුට ලැබුණු අවස්ථා සියල්ල ප්‍රතික්ෂේප කිරීම යැයි ඔවුන් සිහිපත් කරයි.
තම උස ශාපයක් ලෙස ලියොනිඩ් සැළකූ බව ඔවුන් පවසයි.
ලියොනිඩ් මිය යන විට තනිකඩයෙකි. විවාහ යෝජනා පැමිණියද තමන්ගේ දුක අනෙක් කෙනෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටි ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.
ලියොනිඩ්ගේ මෘත ශරීරය තැබීමට වෙනම මිනී පෙට්ටියක් සෑදීමට සිදුවූ අතර එය සාමාන්‍ය මෝටර් රථයකින් ගෙන ආ නොහැකි තරමේ නිසා ඔහුගේ හිතමිතුරන්ට සිදුවූයේ ලොරියක පිහිට පැතීමටය.
වාර්තා පොතේ නම සඳහන් නොවූවද හදවත් බොහෝමයක නොමැකෙන ලෙස නම සදහන් කිරීමට සමත්වූ ලියොනිඩ් අවසානයේ තම අල්වාසීන්ගේ හා හිතමිතුරන්ගේ සුසුම් මැද ඔහුගේ ගම් ප්‍රදේශයේ සුසාන භූමියේ මිහිදන් කැරිණි.
Related Posts:
ජරාව විකුණා අහුවේ.. තවත් මැක්ඩොනල්ඞ්ස් අවන්හල් වසා දැමේ සෞඛ්‍යාරක්ෂිත නොවීම හේතුවෙන් මොස්කව් නගරයේ පිහිටා ඇති මැක්ඩොනල්ඞ්ස් අවන්හල් 3ක් තාවකාලිකව වසා දැමීමට රුසියානු අධිකරණයක් විසින් තීන්දු කර තිබේ. බොල්ෂායා බ්‍රොන්නායා වීදිය, ප්‍රොස්පෙක්ට් මීරා වීදිය සහ මානේෂ්නායා චතුරස‍්‍රය… Read More
කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය... කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක්… Read More
ලෝකයම එල්නිනෝවෙන් කැලඹෙද්දී අපේ කාලගුණය තවම නිදි ලෝකයම එල්නිනෝවෙන් කැලඹෙද්දී අපේ කාලගුණය තවම නිදිරෂිනි මෙන්ඩිස්ලෝක කාලගුණ සංවිධානය විසින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට බලපෑ හැකි යැයි ප්‍රකාශ කර තිබෙන 'එල්නිනෝ' කුණාටුව සම්බන්ධව මෙරට කාලගුණික දෙපාර්තමේන්තුව… Read More
වියදම් පාලනය තම තමන්ගේ වැඩක්.. ආණ්ඩුවට දොස් කීම අසාධාරණයි.. ජීවන වියදම වැඩියි කියා කීවත් ජීවන වියදම තුළ ආහාර ද්‍රව්‍ය සඳහා යන වියදමට වඩා ආහාර නොවන ද්‍රව්‍ය සඳහා කරන වියදම වැඩි වී ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පෙන්වාදෙන ලදී. ඔහු මේ අදහස් පළ කළේ රුපියල් … Read More
සරණාගතයන් මරණින් බේරන අඹු සැමියෝ මෝල්ටාවේ අඹු සැමි යුවලක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරා ගැනීමට බෝට්ටුවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෙජිනා හා ක්‍රිස් ක්‍රැතම්බෝන් යන දෙදෙනා තම පුද්ගලික ධනය යොදවමින් ෆිනික්ස් නම් … Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment